Q-shop අලෙවිසල් ජාලයේ දෙවන අලෙවිසැල ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතින් විවෘත විය.

තරුණ ව්‍යවසායකයන් බිහිකිරීම හා දේශීය නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙතට ඍජුව ලබා දෙමින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට පාරිභෝගිකයා වෙත ලබා දීමේ රජයේ වගකීම ඉටු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක
කෙරෙන Q-shop අලෙවිසල් ජාලයේ දෙවන අලෙවිසැල ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතින් විවෘත විය. මෙම Q-shop දාම වෙළෙඳසැල් ජාලය තුළින් බිහිවන විශ්වසනීයත්වය සුරක්ෂිත කරමින්
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා දේශීය නිෂ්පාදනයන් අලෙවි කිරීම
මෙහි අරමුණයි.