කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ තීරුබදු රහිත භාණ්ඩ අලෙවිසැල් ජාලය ස්ථාපනය කිරීමේ ආරම්භක අදියර.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ තීරුබදු රහිත භාණ්ඩ අලෙවිසැල් ජාලය තුළ ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා අලෙවිසැලක් ස්ථාපනය කිරීමේ ආරම්භක අදියර අද දින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
භාණ්ඩ වල ගුණාත්මක බව පිළිබඳ වගකීමක් සහිතව තීරුබදු රහිත මිළ ගණන් යටතේ භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලබාදෙමින් සංචාරක ක්ෂේත්‍රයට වඩාත් ඵලදායී සේවයක් ලබා දීම මෙහි අරමුණ වේ.

අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා සමාගමේ) සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ චන්ද්‍රසිරි මහතා, රාජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙහි සභාපති යෝගා පෙරේරා මහතා අැතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය,
වෙළෙඳ අමාත්‍යාංශය.